I made this widget at MyFlashFetish.com.

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, May 30, 2012

ඔබත් phone මකුළුවාට බිය වුනාද?

ඔබත් phone මකුළුවාට බිය වුනාද?


මේ වීඩියෝව නිසා තිගැස්සුනු හුඟදෙනෙක් බය වුනේ ෆෝන් එක නරක් වෙයි කියන බයට වඩා මේ සතා ඇඟට ඇතුළු වෙලා කරදරයක් කරාවි කියන බයට කියලයි මට හිතුනේ. එකපාරට ගෝනුස්සෙක් වගේ මයිටාවෙක් පෙන්නුවම ෆෝන් service කරන්නයි, hands free ගන්නයි දුවන එක අහන්නත් දෙයක්ද? ඒත් ඔය දුවන දිවිල්ලත් එක්ක ඇවිස්සෙන දුහුවිල්ලෙ ඉන්න මයිටාවුන් දහස් ගණනක් ඔබේ නාහෙ ඇතුලට ගියේ නෑ කියල කෝම කියන්නද මේ තරං කිවිසුම් යත්දී.

අපේ කතාවට අදාල කට්ටිය අයිති වෙන්නේ Arachnida කියන කාණ්ඩයට. ඊට පස්සේ Arachnida ලා ගැන හොයල බැළුවොත් එයින් මයිටාවන් අයිති වෙන්නේ Acari කියන කොටසට ඒ පවුලෙත් තව ඥාති තුන් දෙනෙක් ඉන්නවා. එයින් අපේ මේ "ෆෝන් මකුණා" වගේ කට්ටිය අයිති වෙන්නේ Acariformes කොටසට (ඒත් ඉතින් මේ මකුණා කවුද කියල හරි විස්තරයක් දුන්නේ නැහැනේ තවම)

දැන් අපි එමු අපේ මූලික කතා බහට, ඒ කියන්නේ මේ මයිටාවන් ගැන අපි මීට වඩා දැන ගත යුතු කරුණු ගැන. ඔබ දන්නවද ඔබේ මුහුණෙ, නාසයේ, සම මතු පිට වගේම ඔය අල්ලගෙන ඉන්න mouse, keyboard වලත් ඕන තරම් මයිටාවුන් ඇති. විශේෂයෙන්ම බෝඩිම් ජීවිතේ ගත කරන අපේ මිත්‍රයන්ගේ ඇඳ රෙදි වල ලක්ෂ ගණන් මයිටාවුන් ඇති. ඒ හිටිය කියල ලොකු කරදරයක් නම් මේ වනතුරු උනේ නැතිව ඇති, සමහර විට ඔය ගේ අස් කරන දවසට දුවිල්ල ගිහින් හාච්චිං යන්නේ දුවිල්ල විතරක් නිසාම නොවෙයි. ඒ දුහුවිල්ලත් එක්ක Dust mites දහස් ගණනක් නාස් කුහරයට රිංගන නිසා. ඔය සමහර කාළෙකට හමේ කැසිල්ලක් ඇති කරන්නත් මේ මයිටාවන්ට පුළුවන්. ඒ විතරක් නෙවි, දන්නවද? කස කසා ප්‍රීති වෙන ලෙඩේ "ප්‍රීති කසානා" ඒ කිව්වේ හම පතුරු යන තුරුම කස කස ඉන්න පුළුවන් scabies කියන සමේ රෝග තත්ත්වය ඇති කරන්නෙත් මේ මයිටා කාණ්ඩයේම කෙනෙක්.

අපි දැන් ටිකක් හොයල බලමු අපිට කරදර කරන්නට ඉඩ ඇති මයිටාවන් කවුද, මොනවද එයාල කරන්නේ කියලා. හැබැයි මතක තියා ගන්නම ඕන දේ ලක්ෂ ගණනක් මයිටා වර්ග වලින් මිනිස්සුන්ට පොඩි හරි කරදරයක් කරන්නේ බොහොම සුළු පිරිසක් විතරයි . බලමු ඒ කරදර මොනවද කියලා.

මින් වැඩිම කරදරයක් කරන කෙනා විදියට අපිට ගන්න පුළුවන් කෙනා තමයි Dust mites කියන කෙනා. ලොකු කරල බැලුවොත් නම් කැරපොත්තෙක් වගේ වුනත් අල්පෙනෙති තුඩක් තරම් පුංචි ජීවියෙක්. හරිම කැමතියි උණුසුම් වියලි පරිසරවල ඉන්න. විශේෂයෙන්ම දැව භාණ්ඩ මත එකතු වුනු දුහුවිලි වලට වැඩි කැමැත්තකින් ඉන්නවා. ඒ විතරක් නෙවි ඇඳ ඇතිරිලි, තිර රෙදි වගේ දේවල වලත් අපේ හමෙත් ඉන්න පුළුවන්. හැබැයි හමේ ඉන්නේ එච්චර කැමැත්තකින් නෙවි, ඒ වුනාට වැරදිලා හරි හමේ මිය ගිය සෛල කමින් බොමින් දිගින් දිගටම එතන ජීවත් වෙන්න පැටවු දාලා පදිංචි වුනොත් නම් කසන්නම වෙනව, ඒ කිව්වේ හමේ හැම තිස්සෙම කසන සුළු ගතියක් දැනෙනවා. හැබැයි අර කසානා තරම්ම දරුණූවට නෙවි.

ඒ කැසිල්ල විතරක් නෙවි මෙයා නාසය ඇතුලට ගියාම නාසයත් කසනවා, හේතුව මෙයාට විරුද්ධව අසාත්මික ප්‍රතික්‍රියාවක් වෙනවා. කිවිසුම් යනවා, හොටු බේරෙනවා, නාහේ පොඩි කරන්න හිතෙනවා, හැම තිස්සෙම අතින් නාහේ උඩට තද කරනවා. ඔය වගේ ලක්ෂණ එන බොහොම වේලාවට හේතුව තමයි මේ මයිටාවා නාසයෙ තුනී පටල මත රැඳිම.

ඊට අමතරව මෙයාට පුළුවන් අපිට ඇදුම, නැත්නම් හතිය ඇති කරන්නත්. මොකද ඒකත් අසාත්මිකතාවයත් එක්කම එන තත්ත්වයක්. හතියේ අමාරුව කියන්න ඕන නැහැනේ. දැන ගන්න ඕන දේ තමයි මේ හතියට හේතු කාරක වන කෙනා ඉන්නේ දුහුවිල්ල එක්ක කියන එක. අනෙක් වැදගත් දේ මේ මයිටාවා විතරක් නෙවි එයාගේ මළපහ පවා දූවිල්ලත් එක්ක ඇවිත් අපිව මේ විදියට ලෙඩ කරන්න පුළුවන් බව සොයාගෙන තිබෙනවා.

මේ ලිපිය ලියපු මගේ හිතවත් මහේෂ් නිශාන්ත අයියගේ බ්ලොග් අඩවියේ මේ ගැන සම්පූර්ණ ලිපිය තියෙනවා. කියවලම බලන්න වටිණවා. ආහ්, ඒකේ උඩම තියෙන වීඩියෝවත් අනිවා බලන්න. අපි හරි ඉක්මනින් බය වෙන හැටි දැක්කම හිනහත් යනවා දැන්නම්. ඒත් ඉතිං මහේෂ් අයියා මේ ලිපිය ලියල අපිව දැනුවත් කරපු නිසාම තමයි. මහේෂ් අයියට අනේක වාරයක් ස්තූති කරන අතරේම phone මකුණට BYE කියනවා.

Monday, May 28, 2012

2012.12.21 ලෝක විනාශයක් නෑ – මායාවරුන්ගේ තවත් කැලැන්ඩරයක් හමුවේ

බුදු දහම නැවත වරක් තහවුරු කෙරෙයි.








2012.12.21 ලෝක විනාශයක් නෑ – මායාවරුන්ගේ තවත් කැලැන්ඩරයක් හමුවේ
මධ්‍යම අමෙරිකාවේ දේශ සීමාවට අයත් ගෝතමාලා හි වැසි වනාන්තරයෙන් සොයා ගන්නා ලද පැරණි දකුණු අමෙරිකානු ශිෂ්ඨාචාරයක් වන මායා වරුන්ගේ කැලැන්ඩරයකට අනුව ලෝක විනාශය 2012 දෙසැම්බර් මස 21 වනදා සිදු නොවන බවත් ලෝකය තවත් වර්ෂ බිලියන ගණනක් පවතින බවත් සඳහන්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මේ පිලිබඳ සිදුකල මූලික පරික්ෂණ එරට බොස්ටන් විශ්ව විද්‍යාලය විසින් සිදු කර ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙම දින සටහනේ ඉතා නිවැරදිව සූර්යාගේ හා චන්ද්‍රයාගේ චක‍්‍රය පිලිබද හා දීප්තිමත් තාරුකා සංඥා පිලිබදවද විස්තර වන බවත් මියගිය අයගේ සිරුරු වලට පූජා හා චාරිත‍්‍රවාරිත‍්‍ර සිදුකර ඇති බවත්යි.

මෙම ලේඛනය මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම සාධකය වන්නට ඉඩ ඇති බවත් මෙම සොයා ගැනීම් කරන ලද පිරිස් විසින් අනුමාන කරන අතර අනෙකුත් කැලැන්ඩර වලට සමාන දින සටහන් ඇති මේ තුල ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

සොයාගන්නා අවස්ථාව වන විටත් මෙය ඉතා හොඳ තත්වයේ පැවති බවත් මෙහි ඉතා සිහින් කුටීර වැන්නක් මතුපිට දක්නට ඇති අතර ඒවා තුල අදාල කරුණු සටහන්ව ඇත. ප‍්‍රමාණයෙන් වර්ග මීටර බාගයකට මදක් වැඩි මෙම ලේඛනය තුල මායාවරුන්ගේ වසර 6000 ක චක‍්‍රය අනුව ලෝක විනාශයකින් අවසන් නොවන අතර ඔවුන් අවසානයේ අසීමාන්තික යුගයක් කරා යන බව විශ්වාස කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

Saturday, May 12, 2012

මෙන්න ඔබට පොටෝ ගැන ඉගෙන ගන්න නිරවුල් ස්ථානයක්

http://www.photographylk.com

Thursday, March 29, 2012

PDF හදන සොෆ්ට්වෙයාර් එකක්

ආයුබොවන්. කොහොමද යාළුවනේ. ඔයාලට අලුත් අරගෙන මේ පැත්තට ගොඩ වැදුනා. හ්ම් අද මම කියලා දෙන්න යන්නේ. අපි හැමෝටම වැදගත් වෙන මෘදුකාංගයක් ගැන. PDF කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්නෙ. අපිටම කියලා PDF එකක් හදාගන්න. එහෙමත් නැතිනම් දැනට තියෙන PDF එකක් Edit කරලා අපේ කරගන්න. ඔයාලා කැමති ඇතිනෙ. Edit කරන්න එහෙම ගොඩක් අය හොයන්න ඇති. ඒත් වැඩේ කරගන්න බැරිවෙන්න ඇති :D මේ සදහා අපිට සහය දෙන මෘදුකාංගයේ නම Nitro, මෙහි දැනට Version 7ක් නිකුත් වෙලා තියෙනවා. එහෙත් දැනට මෙය අපිට Trial එක පමනයි ලබා ගත හැක්කේ. Licence Key එකකින් Activate කරගන හැකි වුනත්, Licence එකක් සොයාගත නොහැකි විය :P ඔයාලට මේ ට්‍රයල් එක දවස් 14 ක් පාවිච්චි කරන්න පුළුවන්. එතනින් පස්සෙ ඕනෙම නම් Trial Reset කරලා වැඩ ගන්න පුළුවන් විත්තිය ඔයාලා දන්නවනේ. එහෙනම් අපි බලමු මේ ගැන.


මුලින්ම ඔයාලට පුළුවන් මේ මෘදුකාංගය Download කරගන්න, ඒ සදහා පහල Link එකට යන්න, එහිදී ඔයාගෙ Email එකක් ඉල්ලයි. එයත් ලබාදී Download කරගන්න. පසුව එය Install කරන්න.



FREE HERE
(ඔබ මෘදුකාංගයක් download කරගැනීමෙදී load වන page ඵකෙහි ඉහලින් අැති Skip ID ලබාදෙන්න ඵවිට  download කිරීමට අවශ්‍ය  link ඵක ලැබෙනු අැත)  


ඉහතින් Download කරගෙන Install කරගත් මෘදුකාංගය Open කල විට පහත ආකාරයෙන් දැකගන්න පුළුවන්. මෙය මෙහි මූලික පෙනුම. මේහිදී තමයි අප සියළුම ක්‍රියාකරකම් සිදුකරන්නෙ.







මේ විදිහට ලැබෙන Nitro Pro එකේ Getting Started Window එක Close කරලා දාන්න, අවශ්‍ය නම් මෘදුකාංගය ගැන තොරතුරු එතනින් ලබාගන්න පුළුවන්. 


ඔයාලා දකින්න ඇතිනෙ දැන් ඔය අලුත් මෘදුකාංගය. මේ Office නෙවෙයි හරිද? :D බලන්න මෙය ඔබේ Office New Version එකකට ගොඩක් දුරට සමානයි. උඩ තියෙන ටැබ් සියල්ල සහ Interface එක නිසා පහසුවෙන් හසුරුවන්න පුළුවන්. වේවි. කෙටි කාලයකින් සියළුම වැඩ ටික අල්ලගන්නත් අමාරුවෙන්නෙ නැතිවෙයි කියලා හිතනවා.




මෙහිදී ඔබට PDF එකක් සකස්කරගැනීමට අවශ්‍ය නම්, File ගිහින්, New ලබාදී, එය සකස් කරගැනීමේ හැකියාව තිබෙනවා. අදාලා පිංතූර, වචන ඇතුලත් කරන ඉතා දැකුම්කළු PDF එකක් මෙමගින් සකස් ිරීමට පුළුවන්. ඒ වගේම File ගිහින් Open ගිහින්, ඔබේ පරිගණකයේ තිබෙන PDF එකක් වීවෘත කරගතහොත් එය ඔබට අවශ්‍ය ආකාරයෙන් නැවත Edit කරගැනීමේ හැකියාව තිබෙනවා. අවශ්‍ය තැන් කපා කොටා මකා දමා හදාගන්න :D පසුව Save කරගන්න. මෙයට අමතරම මෙමගින් PDF එකක්, Word, Excel Document එකක් බවට පරිවර්ථනය කරගැනීමේ හැකියාව තිබෙනවා. Home Tab එකේ Convert යටතේ ඒ අදලා Option දකින්න පුළුවන්. මේ විදිහට ඔයාලා කැමති විදිහකට PDF Design කරගන්න.


හරිනෙ, එහෙනම් ඔයාලටත් අද ඉදින් PDF වන කරන්න පුළුවන්, හෙහ්...කැමති විදිහකට Edit කරන්න, අවශ්‍ය අයට අලුතෙන්ම හදන්න පුළුවන්, අපේ බ්ලොග් එකේ Fan Page එකට Like එකක්, Post එකට Comment එකක් එහෙම දාලා යන්න, මේ පොස්ට් එක ඔයාට වැදගත් වුනා නම්. මම ගිහින් එන්නම්. නැවතත් අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි ලිපිය කියෙව්වට. සුබ දවසක් 

ෆේස් බුක් වෝල් එක ඩිසයිනින් කරමු

ආයුබොවන්, ඔයාලා හැමෝටම, හොදින් ඇති කස්ටියම, අදත් බ්ලොග් එක පැත්තට ආපා පොඩි ලිපියක් දාලා යන්න, පොඩි උනාට පොඩි නැහැ, ඔයාලා හැමෝටම වැදගත් නිසා. විශේෂයෙන්ම මුහුණු පොතේ රජ කරන අපේ යාළුවන්ට තමයි මෙය ගොඩක් වැදගත් වෙන්නේ. ඔයාලට අලුතෙන් කියන්න ඕනෙ නැහැනෙ, මුහුණු පොතේ මේ මැතකද සිදුවුන අලුත්ම යාවත්කාලීන වීම සම්බන්ධයෙන්, අපේ Profile එකේ layout එක වෙනස් කරමින් මෙය සකස් කර තිබෙනවා. අලුතෙන් හදපු Account වලට නම් TimeLine එක Active කරගන්න බැහැ, මාස 03 විතර පරණ Account එකක් විය යුතුයි. හ්ම් ඉතින් මේ අලුත් Layout එකෙහි, උඩින්ම අපිට Facebook Cover එකක් යොදාගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා දැනටමත් එක එක ඒවා Upload කරගෙන දාගෙන ඇති. අද මම කියන්න අවේ. මේ Facebook Cover එකක් පහසුවෙන්ම Online හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. අපි බලමු ඒ ගැන.



මේ ක්‍රියාවලිය සදහා අපිට සහය දක්වන්නේ, වෙබ් අඩවියකි. එමගින් තමයි අපි මේ කටයුක්ත සිදු කරගන්නෙ. මෙහි අපිට Example Cover බොහොමයක් ලබා දී තිබෙනවා. ඒවාද තෝරාගැනීමේ හැකියාව තිබෙනවා. එහෙම නැතිනම් අපේම Photo එකක් Upload කරමින් අලුත් Cover එකක් Design කරගැනීමටත් පුළුවන්, මුලින්ම මේ වෙබ් අඩවියට පිවිසෙන්න.




ඉහල Link එක භාවිත කරමින්, මේ Web Site එකට පිවිසූ විට. ඉහත පිංතූරයේ ආකාරයේ Page එක දකින්න පුළුවන්, මෙහි තිබෙන කොල පාට බට්න් එක, First, Lest's Choose the Banner Background >> උඩ ක්ලික් කරලා, ඉදිරිටය ගමන් කල විට. ඔබට Banner Background විශාල ප්‍රමාණයක් දැකගන්න පුළුවන්.




මෙහි තිබෙන Cover එකකට කැමති නම්, එය තොරාගෙන එය මත ක්ලික් කල විට, ඔබට එයට අදාලා Design View එක දකින්න පුළුවන්. 


මේ විදිහට විවෘත වන Design View එකෙන්, මෙය සම්පූර්ණයෙන්ම වෙනස් කරගැනීමට පුළුවන්, අවශ්‍ය තැනට Text හොයා ගැනීමට. කැපීම් කෙටිම්, මැකීම්, ඔබේ පරිගනකයේ තිබෙන පිංතූරයක් මෙයට Upload කර එය වැඩි දියුනු කර සකස් කරගැනීමටත් පුළුවන් කරමක් තියෙනවා, Search Bar එකෙන්, Sample Cover හොයාගන්නත් පුළුවන්, මේ විදිහට ඔයාලට කැමති TimeLine Cover එකක් හදාගන්න. පසුව ඒය Save කරගන්න, ඔය පොල් ගෙඩි සයිස් තියෙන බට්න් එකෙන්ම. හ්ම්..

ඔය විදිහට ඔයාලටත් ලස්සන TimeLine Cover එකක් සකස් කරගන්න පුළුවන්, වැදග් වෙයි කියලා හිතුන නිසා ලිපියක් විදිහට දැම්මා. එහෙනම් ඔයාලා කියවලා, කරලා බලන්න, පොඩි කමෙන්ට් කෑල්කුත් දාලා යන්න, අමතක කරන්න එපා, බ්ලොග් එකටත් පොඩි Support එකක් දීලා යන්න, එහෙනම් තවත් දවසක අලුත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි සුබ දවසක් !

Saturday, March 24, 2012

අපිත් හදමු Online Radio එකක්

මුලින්ම ඉතින් ඔන කරන්නෙ අවශ්‍යතාවය :P   ඒක ඉතින් ගොඩක් අයට තියනවනෙ.. මම කියන්නම් ‍කොහොමද කරන්නෙ කියල.. මම මේකට යොදා ගන්නෙ Shout cast winamp plug-in එක.. සමහර විට කට්ටිය දන්නවත් ඇති.. ඒ වගේම මේකට අපිට Winampමෘදුකාංගයත් ඕන වෙනව.  මොක Winamp Plug-in දාන්න Winamp එක ඕන නෙ :P

දැන් Winamp නැති අය මෙන්න මෙතනින් එක බා ගන්න.. ඒ වගේම Shout Cast Plug-in එකත් මෙන්න මෙතනින් ගන්න.. ඒ වගේම සමහර විට ඔයාල දන්න ඇති Shout Cast එකෙන් Streaming කරන්න Shout Cast Server එකක් ඕන කියල.. ඒකට මුදල් දීල සර්වර් එකක් ගන්න පුලුවන්.. නැත්තම් මෙන්න තියනව නොමිලේ Shout Cast Hosting දෙන සයිට් එකක් ඒකෙ නම තමයි http://freestreamhosting.org මේ සයිට් එකෙන් හොඳ සේවාවක් දෙනව.. සමහර නොමිලේ දෙන ඒව තියනවනෙ ගන්න දෙයක් නැති.. ඒත් ඉතින් මේයාල නම් සේවාව ගොඩක් හොඳට දෙනව. ඔයාල මුලින්ම ඔය සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙලා Streaming කරන්න අවශ්‍ය කරන Shout Cast Server පහසුකම ලබා ගන්න ඕන. දැන් හොඳ ලමයි ව‍‍ගේ ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ.. සාමාන්‍ය විදියට රෙජිස්ටර් වෙන්න තියෙන්නෙ. මොකක් හරි ප්‍රශ්නයක් තියනව නම් කමෙන්ට් එකක් දාල අහන්න..  :)

කලින් මම කීව විදයට පරිගණකයට බා ගත්ත වින්ඇම්ප් එකයි.. Shout Cast Plug-in එකයි දෙකත් පරිගණකයට ස්තාපනය කර ගන්න.. මෘදුකාංග ස්තාපනය කරන හැටි හැමෝම දන්නව කියල හිතනව.. මෙනවද ඉතින් බාපු එක උඩ දෙපාරක් කොටල කියන දේ කරන්න නෙ තියෙන්නෙ. මොකක් හරි අවුලක් නම් කෙලින්ම අහන්න මම ඒක කියල දෙන්නම්. හරි දැන් අපිට ඕන කරන මෘදුකාංගයත් පරිගණකයේ ස්තාපනය කලා.. ඒ වගේම Shout Cast Server එකක රෙජිස්ටර් වෙලා ඒ විස්තරත් තියනව. දැන් බලමු අපි කොහොමද Online Audio Streaming කරන්නෙ කියල.

මුලින්ම පරිගනකයට ස්තාපනය කරපු වින්ඇම්ප් වලට යන්න.. අපිට ඒකෙ Shout Cast Plug-in එක ඇක්ටිව් කර ගන්න ඕන.. ඒක‍ට මෙන්න මෙහෙම කරන්න..

වින්ඇම්ප් උඩ රයිට් ක්ලික් කරන්න >> Options >> Preferences වලට යන්න.. ඒකට ගියම පහත පරිදි පෙනේවි..

ලොකු කරල බලන්න පිංතූරය උඩ කොටන්න
එකෙන් වම් පැත්තෙ තියන මෙනු වලින් DSP/Effect කියන එක සිලෙක්ට් කරන්න.. ඊට පස්සෙ දකුණු පැත්තට එන එකෙන් Nullsoft SHOUTcast Source DSP සිලෙක්ට් කරන්න.. එතකොට අලුත් එකක් ඒවි Shout Cat Source කියල.. අන්න ඒක තමයි අපිට ඕන කරන්නෙ. පහත රූපයෙන් ඒක බලා ගන්න.

අපි දැන් කොහොමද මේ වැඩේ කරන්නෙ කියල බලමු. මුලින්ම ඔයාලhttp://freestreamhosting.org එකේ රෙජිස්ටර් උනානේ.. දැන් ඒකට ලොගින් වෙන්න ඕන සර්වර් එක ක්‍රියාත්මක කරන්න.. ඒ වගේම Shoutcast Source එකට අවශ්‍ය දත්තයන් තියෙන්නෙත් සයිට් එකට ලොගින් උනාම.. ඒකට ලොගින් උනාම ඔයාලට දකුණු පැත්තෙන් පෙනේවි මේන්න මේ වගේ කොටසක්.. පහත රූපය බලන්න.
ඔයාලට පේනව නේද රතුපාට බෝලයක් ව‍ගේ එකක් තියනව ලොගින් උනහම.. ඒකෙන් කියන්නෙ සර්වර් එක තවම ආරම්භ කරල නෑ කියල [Offline] ඒක නිසා එතනම ඉස්සරහින් තියන [Restart] කියන එක ‍ක්ලික් කරල මුලින්ම සර්වර් එක ආරම්භ කරල ඉන්න ඕන.. එතකොට අර රතු පාට බෝලෙ කහ පාට වේවි.. ඒක කොල පා‍ට වෙන්නෙ අපි ගීත හරි ‍මොනව හරි Streaming කරන්න පටන් ගත්තට පස්සෙ. හරි දැන් අපි සර්වර් එකත් ආරම්භ කලා. දැන් අපි බලමු කොහොමද Streaming කරන්නෙ කියල.
ඔයාල Shout cast Source එකේ Output ටැබ් එකට ගියාහ මෙන්න මේ වගේ කොටසක් පෙනේවි.. දැන් ඔය තියෙන්නෙ මගේ එකේ විස්තර ටික.. මෙතන්ට ඔයාල රෙජිස්ටර් වෙලා ලැබිච්ච විස්තර දාල තමයි සර්වර් එක කනෙක්ට් වෙන්න ඕන.. ඔයාලට ඒ විස්තර ටික බලා ගන්න පුලුවන් ඉහත රූපයේ තියෙන් මෙනු එකෙන් Stream settings කියන එකට ගියහම. අන්න ඒ විස්තර ටික අරගෙන් මේකට දාන්න. හරි.. දැන් ඔයාල මේ වැඩෙන් 90% ක් විතර ඉවරයි.

මීලගට ඔයාලට තියෙන්නෙ Encoding හදන්න.. ඒකට ShoutCast Source එකේEncoder කියන ටැබ්  එකට යන්න.. ඒකෙන් රූපයේ පරිදි Encoder Type එක MP3 Encoder තොරන්න.. Encoder Settings එකට ඔයාල කැමති එකක් දෙන්න.. හැබැයි 128kbps වලට වඩා එකක් දෙන්න එපා මොකද සර්වර් ‍එක උපරිම සහය දක්වන්නෙ 128kbps වලට.. ඒ ව‍ගේම කියන්න ඕන 128kbps දුන්නම ‍ගොඩක් ‍ඩේට ප්‍රමාණයක් වැය වෙනව.. කනෙක්ෂන් එක හරියට නැත්තම් කැඩි කැඩි වගේ තමයි යන්නෙ.. ඒක නිසා මම නිර්දේෂ කරන්නෙ ඔය රූපයේ තියන විදිය. එතකො‍ට අහන අයටත් පහසුයි.. ඒවගේම ඔයාල Streaming කරද්දි පැයකටම වැය වන්නෙ 13Mb විතර ඒක නිසා unlimited නැති කෙනෙක්ට උනත් මේක කරන්න පුලුවන්.

හරි දැන් ඔක්කොම වැඩ ඉවරයි. දැන් තියෙන්න Output ටැබ් එකේ Connect කියල තියන button එක ක්ලික් කරල කනෙක්ට් වෙන්න.. ඊට පස්සෙ ඔයාල වින්ඇම්ප් එකේ ප්ලේ කරන ගීත Streaming වෙන්න පටන් ගනීවි..

දැන් වැඩ ‍ඔක්කොම ඉවරයි.. දැන් ඉතින් පොඩි ප්‍රචාරයක් දීල වැඩේ කරන්නයි තියෙන්නෙ.. වැඩේ කරද්දි අපිවත් දැනුවත් කරන්නකෝ..  මොකක් හරි ප්‍රශ්නයක් තියනව නම් අහන්න.. ඔයාලගේ Online Radio එක හොයා ගන්න බැරි නම් මෙනු එකේ Tune in links & scripts එකට යන්න. එතන ඔක්කොම තියනව.. ඒ වගේම ඔයාලට ඒ ප්ලේයර් එක වෙන පේජ් එකකට උනත් දාන්න පුලුවන්.. ඒ ගැනත් ලියන්න ඕන නම් කමෙන්ට් වලින් කියන්න.. මම ඒකත් ලියන්නම්.. මගේ වැඩ ඉවරයි.. දැන් ඉතින් ඔයාලගෙ වැඩ.. අපිටත් අහන්න දාන්න Online Radio…
Popularity: 100% [?]